මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිතයි.
අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු ලබන 15 වනදා හෝ 16 වනදා මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති.
මීට පෙර 2006 සිට 2015 දක්වා කාලයේදී ද අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා.