ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පණවා ඇති විදෙස් ගමන් තහණම ජූලි 25 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතායි නියෝගය ලබාදුන්නේ.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.
කබ්රාල් මහතා සම්බන්ධ බව කියන මූල්‍ය වංචා කිහිපයක් පාදක කරගෙනයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.