මෙරට කදුකර ප්‍රදේශ සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කැපවිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.
මහනුවර පැවති ආගමික උත්සවයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ කදුකරයේ සිදුවන නායයාම් හේතුවෙන් භූ විද්‍යාඥයින් ඇතුලු ඒ අදාළ පාර්ශවයන්ට රට ගැන අලුතින් සිතා බලා කටයුතු කිරීමේ වගකීම පවතින බවයි.