පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඉතිරි වෙළුම් 20 කඩිනමින් ජනගත කරන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කතෝලික පූජකවරුන් අනිසි නීති භාවිතයෙන් මර්ධනයට උත්සහ කළහොත් ඊට එරෙහිව ජනතාව සමග පාරට බසින බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොණු කෙරුණු පැමිණිලි ගණනාවක් පිළිබද විමර්ශණ ක්‍රියාත්මක නොවන පසුබිමක සිරිල් ගාමිණි පියතුමා සම්බන්ධයෙන් නව විමර්ශණ පැවැත්විම මර්ධනයක් බවයි කාවින්ද ජයවර්ධන මහතා චෝදනා කළේ.