අධිකරණ පද්ධතිය තුළ මේවන විට ඇති තදබදය අවම කොට කඩිනමින් නඩු විසදීම සදහා විශේෂ තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීයි ඔහු මේ බව කියාසිටියේ.
ලෝකයේ දියුණු රටවල ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 200 කට වැඩි සංඛ්‍යාවක් සිටියද ශ්‍රී ලංකාවේ මේවන විට එම අගය 15 ක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මේ අනුව විනිසුරුවරුන් සංඛ්‍යාව 218 ක් දක්වාත් අධිකරණ සංඛ්‍යාව 245 දක්වාත් වැඩි කිරීමට අපේක්ෂා කරන බවද සබ්රි මහතා කියාසිටියා.
විශාල මූල්‍ය අපරාධ නඩු හා කුඩා මූල්‍ය වංචා නඩු එකම අධිකරණයක විභාග කිරීමෙන් ඇතිවන ප්‍රමාදය වැළැක්වීමට මූල්‍ය අපරාධවලට අදාළ නඩු විසදීමේදී රු ලක්ෂ 15 ට අඩු නඩුවලට වෙනම අධිකරණ පිහිටුවන බවද අධිකරණ අමාත්‍යවරයා කියාසිටියා.
