කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් ආරම්භ කර තිබූ විරෝධතාව හේතුවෙන් කොළඹ – කටුනායක පිවිසුම මාර්ගය අසල අද පස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණා.
කොළඹ – කටුනායක පිවිසුම මාර්ගය අසල සිට ඇවරිවත්ත ප්‍රදේශය දක්වා වූ මාර්ගය වසා දැමීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.
මේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දැඩි අපහසුතාවන්ට පත්වීමට සිදුවූ බවද නිව්ස් රේඩියෝ ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළා.
කෙසේ නමුත් මේ වන විට විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්වී ඇති බවද අපවාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.
අද රටපුරා ක්‍රියාත්මක වැඩවර්ජනයට සමගාමීවයි කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් මෙම වර්ජනය ක්‍රියාත්මක කළේ.