ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ප්‍රංශය වෙත පළා යෑමට තැත් කර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වනවිට කටුනායක ගුවන් තොටුපළෙන් පළා යාමට තැත් කළ විදේශිකයාගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු කිහිපයක් අනාවරණය කර ගෙන තිබෙනවා.
35 හැවිරිදි මෙම පුද්ගලයා පෝලන්ත ජාතිකයෙකු බවත් ඔහු 2019 වසරේ දී වැලිගම ප්‍රදේශයේ ඒ ටී එම් යන්ත්‍රයක් කඩා මුදල් සොරකම් කිරීමක් පිළිබඳව චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු බවත් මූලික විමර්ශන වලදී අනාවරණ වී ඇතැයි සඳහන්.
මෙම විදේශිකයා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහු ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.