දීර්ඝ කාලයක් පුරා කටාර් හි සිරගත කර සිටි තලේබාන් දේශපාලන අංශ නායකයන් ගණනාවක් ඇෆ්ඝනිස්ථානයට පැමිණ තිබෙනවා.
නව රජය පිහිටුවීමේ මූලික සාකච්ඡා ආරම්භ කිරීම එහි අරමුණ බව සඳහන්.
මේ අතර කාන්තාවන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන බවද ඔවුන්ට හිමි අයිතිවාසිකම් නියමිත පරිදි ලබාදෙන බවද තලේබාන් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ඇෆ්ඝනිස්ථානය තුළදී විදේශීය හමුදා වෙනුවෙන් සේවය කල සියල්ලන්ට පොදු සමාවක් පිරි නැමීමටද සන්නද්ධ සංවිධානය තීරණය කර ඇති බවයි ඇෆ්ඝන් වාර්තා කියාසිටියේ.
එමෙන්ම කාබුල් ගුවන් තොටුපළේ ගුවන් ගමන් යළි ආරම්භ වී තිබෙනවා.
ඇෆ්ඝනිස්ථානයේ සිටි විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත් කර ගැනීමයි එහි ප්‍රධාන අරමුණ වන්නේ.
