රට තුල ඖෂධ 80 ක පමණ හිගතාවක් ඇතිවීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනතුරු අගවනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසය සදහා අවශ්‍ය කෙරෙන ඖෂධ වර්ග රැසක් තවමත් මෙරටට ගෙන්වා නොමැති බවයි.
මේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා.
ජනවාරි මාසය වනවිට විශාල ඖෂධ හිගයක් ඇතිවිය යුතු වූවද කොවිඩ් වසංගතය හේතුවෙන් රටවසා දැමූ කාලයේ ඉතිරි වු ඖෂධ ස්වල්පයක් මෙම දින කිහිපය සදහා පමණක් ප්‍රමාණවත් වී ඇති බවද රවී කුමුදේශ් මහතා සදහන් කලා.