අධික මිළකට මෙරටට ඖෂධ ආනයනය කිරීමට අනුමැතිය දී ඇත්තේ මහා භාණ්ඩාගාරය බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චෝදනා කරනවා.
එම ගණුදෙනුව පසුපස ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක සබදතා ඇති පුද්ගලයන් දෙදෙනෙකු සිටින බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
අධික මිළකට ඖෂධ ආනයනය වහාම නතර කර අවශ්‍ය මූලද්‍රව්‍ය ගෙන්වා රට තුල අදාල ඖෂධ නිෂ්පාදනයට පහසුකම් ලබාදෙන්නැයිද රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.