ඖෂධ සම්බන්ධ ගැටළු ගණනාවක් මේ වන විට රට තුල උද්ගතව ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.
එහි මෙහෙයුම් කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.
ඖෂධ හිගය / ඖෂධ මිළ ඉහල යාම / ඖෂධ ප්‍රවාහනයට අදාල බාධා ආදී වශයෙන් ගැටළු ගණනාවක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
ගැටළුවකින් තොරව ඖෂධ සැපයීම සිදු කළ හැකි බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇතත් එය ප්‍රායෝගිකව ඉටු නොවන බවයි ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.