ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ 03 වන විශාලතම ලොතරැයි දිනුම දිනාගැනීමට ලොක්ඩවුන් සමයේ රැකියා අහිමිවූ පිරිසිදු කරන්නෙකු සමත්වී තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 80 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1200 ක පමණ මුදලක් මෙලෙස දිනා ඇත්තේ මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දෙදරු පියෙකු විසිනුයි.
රැකියාව අහිමිවීමත් සමග ගැටලූ රැසකට මුහුණදීමට සිදුවූ බවද නම හෙළි කිරීමට අකමැති වූ මෙම තැනැත්තා සඳහන් කර තිබුණා.
දිනාගත් මුදලෙන් පළමුව නිවසේ උකස ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
