අද පස්වරු 05 සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ටේ්රලියාවේ සමස්ත නිවු සවුත් වේල්ස් ප්රාන්තයම දින 07 කට වසා දමා තිබෙනවා.
කොවිඩ් ඩෙල්ටා වෛරස ප්‍රභේදය පාලනයකින් තොරව පැතිර යාම ඊට හේතුවයි.
එන්නත ගැනීම / රැකියා වැනි ප්‍රධාන කරුණු 04 කට හැර නිවාසවලින් පිටතට යාම මේ අනුව තහනම් වනු ඇති.
සියලූ පාසල් වසා දමා ඇති අතර දුරස්ථ අධ්‍යාපන ක්‍රම යටතේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා යුතු වනවා.
ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 466 දෙනෙකු හඳුනාගත් අතර එය මේ දක්වා එක් දිනයකදී ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි.
පවතින තත්වය හමුවේ ලබන සඳුදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ගවල මාර්ග බාධක සංඛ්‍යාව ඉහළ දමා තිබෙනවා.
නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් නියම කෙරෙන අතර එය දැනට පවතින දඩයට වඩා ඩොලර් 1000 ක වැඩි කිරීමක්.
