එක් දින ක්රිකට් ක්රීඩාවෙන් සමුගැනීමට ඔස්ටේ්රලියා ක්රිකට් නායක ඒරන් ෆින්ච් තීරණය කර තිබෙනවා.
නවසීලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන එක්දින තරගය තම අවසාන පන්දුවාර 50 තරගය බවයි ඔහු සඳහන් කලේ.
කෙසේවෙතත් තමා තවදුරටත් පන්දුවාර 20 තරග ක්රීඩා කරන බවත් ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයේදී කණ්ඩායම මෙහෙයවන බවත් ඒරන් ෆින්ච් කියාසිටියා.
ඔස්ටේ්රලියාව වෙනුවෙන් එක්දින තරග 145 කට ක්රීඩා කර ඇති ෆින්ච් 2020 වසරේදී ඔස්ටේ්රලියා කණ්ඩායමේ නායකත්වයට පත්වූණා.
අනතුරුව ඔහු මේ දක්වා මෙහෙයවා ඇති තරග ගණන 54 ක්.
එක්දින ළකුණු 5000 කට වඩා රැස්කර ඇති ඒරන් ෆින්ච් ගේ මෑතකාලීන දක්ෂතා සම්බන්ධයෙන් සතුටුවිය නොහැකි බවයි විචාරකයන් පෙන්වාදී තිබුණේ.
ජූනි මාසයේ පැවති ශ්රී ලංකා සංචාරයේදී හිමිවූ පරාජයන්ද ඒ අතර වනවා.
