අද පෙරවරුවේ පැවති ඔලිම්පික් පිරිමි මැරතන් තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට කෙන්යාවේ එලියඩ් කිප්චෝගේ සමත්වුණා.
ඒ පැය 02 යි විනාඩි 08 යි තත්පර 38 ක නිමි කාලයක් වාර්තා කරමිනුයි.
රිදී පදක්කම නෙදර්ලන්තයේ අබ්ඩි නගීයි විසින් දිනා ගත්තේ පැය 02 යි විනාඩි 09 යි තත්පර 58 ක කාලයක් සටහන් කරමිනුයි.
පැය 02 යි විනාඩි 10 කින් තරගය අවසන් කල බෙල්ජියමේ අබ්ඩි බෂීර් ට මැරතන් ලෝකඩ පදක්කම හිමිවුණා.
