ඔමික්‍රොන් වෛරසයේ බලපෑම හමුවේ රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් යානා සඳහා සති 02 ක තහණමක් පැණවීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලබන ඉරිදා සිට ඔස්ටේ්‍රලියාව – අමෙරිකාව – කැනඩාව – ප්‍රංශය – ඉන්දියාව – පකිස්ථානය – පිලිපීනය සහ මහා බි්‍රතාන්‍යයේ සිට පැමිණෙන කිසිදු ගුවන් යානයකට හොංකොං වෙත ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ.
අදාළ රටවල ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යාම සැළකිල්ලට ගෙනයි හොංකොං විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
ලබන 21 වනදා තෙක් මෙම ගුවන් ගමන් තහනම බලාත්මකයි.