ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිඛෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ෙසෙල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා බි බී සි පුවත් සේවයට සදහන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන සියලු නිර්නායක මේ වනවිට ඉදිරිපත්කර ඇති බව යි.
නව වෛරස් ප්‍රභේදය පී සී ආර් පරීක්ෂණයකින් හඳුනා ගැනීමට හැකියාව පවතින බව ද ඔහු කියා සිටියා.
මේ අතර එන්නත් ආවරණයෙන් ඉහළ රටවල වාර්තාවන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණයට පෙර සමයට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරනවා.
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් කොවිඩ් නිසා රෝහල්ගතවීම 84%කින් අඩු බව වාර්තාවල සඳහන්.