ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය වැළඳීම වළක්වා ගැනීම සඳහා එන්නත් මාත්‍රා 02 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නොවන බව මහා බි්‍රතාන්‍යයේ සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
එබැවින් 03 වන මාත්‍රාවද අනිවාර්යයෙන් ලබාගත යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
බූස්ටර් හෙවත් අධිමාත්‍රාව ලබාගැනීමෙන් කොවිඩ් රෝග ලක්ෂණ පහළවීම සියයට 75 කින් පමණ අඩු කෙරෙන බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය වුණා.
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන එන්නත් 02 ම ලබාගත් පිරිසක් යොදාගෙන සිදුකල අධ්‍යයනයකදීයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.
ඔමික්‍රොන් ප්‍රභේදයට මුහුණදීමට එම මාත්‍රා 02 ක් ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නැතැයිද බි්‍රතාන්‍ය සමීක්ෂකයන් සඳහන් කරනවා.