ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය පළමුවරට ඉන්දියාවෙන් ද වාර්තා වී තිබෙනවා.
වයස අවුරුදු 46 ක සහ 66 ක විදේශිකයන් දෙදෙනෙකු මෙලෙස කර්ණාටක ප්‍රාන්තයෙන් හමුවී ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.
ඔවුන් මෑතකදී විදේශගතව සිට පැමිණි අය බවද සඳහන්.
මෙම ආසාධිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට ඉන්දීය සෞඛ්‍ය අංශ විසින් පුලුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට නියමිත වූ ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු කල් දැමීමටද ඉන්දීය බළධාරීන් විසින් තීරණය කර ඇතැයි එරට මාධ්‍ය අද වාර්තා කලා.