ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාධිතයින්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
සුලු කැස්ස / හෙබිරිස්සාව සහ සුලුවෙන් ඇතිවන උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ කිහිපයක් පමණක් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාධිතයින්ගේ පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
සාමාන්‍ය කොවිඩ් වෛරස ආසාධිතයින්ගේ පෙන්නුම් කරන අධික උණ වැනි රෝගී තත්තව මෙම වෛරස ආසාධිතයින්ගේ පෙන්නුම් නොකිරීම විශේෂත්වයක්.
මේ අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබද කරුණු අණාවරණය කල කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය / උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ශර්මිලා ද සිල්වා මහත්මිය.
මේ දිනවල කොවිඩ් වෛරස් ආසාධිතයින් වර්ධනය වීමට හේතුව පැතිර යන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ජනතාව බූස්ටර් එන්නත ලබාගැනීමය ජනතාව දක්වන අනිසි බිය බවයි ශර්මිලා ද සිල්වා මහත්මිය එහිදී අවධාරණය කලේ.
කොවිඩ් මර්ධන එන්නත හරහා කිසිදු අතුරු රෝගාබාධයක් ඇති නොවුනද කොවිඩ් රෝගය වැළදුණු විටදී ලිංගික බෙලහීනතාව / මදසරු භාවය / ලේ කැටි ගැසීම නිසා ඇතිවන හෘද ආබාධ, අංශභාග වැනි රෝගී තත්වයන් හටගන්නා බවද විශේෂඥ වෛද්‍ය ශර්මිලා ද සිල්වා මහත්මිය අවධාරණය කලා.