කොවිඩ් වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරු වන ඕනෑම අයෙක් උපරිමයෙන් විවේකීව කාලය ගතකරන ලෙසයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ශරීරය වෙහෙසා කටයුතු කිරීමේදී ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හමුවේ ජීවිතය අවදානම් තත්වයකට පත්වීම වළක්වා ගැනීම සදහා මෙම උපදෙස ලබා දෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.