රටේ ජනගහනයෙන් සියයට විස්සක් ඩෙල්ටා රෝගීන් ඇතැයි හා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය ඉක්මවා ගොස් ඇතැයි ඇතැම් මාධ්‍ය පළකර ඇති පුවත් සාවද්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
කොව්ඩ් වසංගතය හමුවේ ඇති සමාජ හුදකලාභවය නිසා දරුවන්ට මානසික ආතතියක් හටගෙන ඇති බවයි සායනික මනෝ විද්‍යාඥා ටීනා සොලමන්ස් මහත්මිය මෙහිදි කියා සිටියේ.
