ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද සිට දිවයින පුරා පිරවුම්හල් වෙත නිකුත් කෙරෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කියාසිටියා.
නෞකා 02 ක ඉන්ධන ගොඩබෑමත් සමග ඉදිරි සති 06 සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි ඔහු සඳහන් කලේ.
එබැවින් ඔක්ටේන් 92 ඉන්ධන ලබාගැනීම සඳහා අද දිනයේ පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් හෙට දිනයේදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලබාගන්නා ලෙසත් අමාත්‍යවරයා පාරිභෝගිකයන්ට දන්වා සිටිනවා.