සිය ඉල්ලීම් සදහා රජයෙන් නිසි විසදුම් නොලැබීම හේතුවෙන් ලබන සදුදා දිනයේ සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කල බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.
ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් විසින් විවිධ විරෝධතා ආරම්භ කලේ පසුගිය වසර ආරම්භයේ සිට වන අතර මේ දක්වා නිසි විසදුම් නොලැබීම හමුවේ මෙම තීරණය ගත් බවයි එම සංගමය කියා සිටියේ.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන් වහන්සේ.
