වත්මන් රජය ඒකාධිපති හමුදා පාලනයක් වෙත පිවිසීමේ සුදානමක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජනබලවේගය පවසනවා.
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා නැති කර දමමින් රජය ඒකාධිපති පාලනය මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරන්නේ.
මේ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කල රංජිත් මද්දුමබණ්ඩාර මහතා.
දිවයිනෙන් පසුගිය දින කිහිපය පුරාම වාර්තා වූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදාල ආයතන සහ රජයට විරුද්ධව අධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් පවතින බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කලා.