සමස්තයක් ලෙස සියයට 82 ක විදුලි ගාස්තු වැඩිවීමක් ලබාදෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය කල ඉල්ලීම මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔවුන් නිර්දේශ කර ඇත්තේ සියයට 57 නොඉක්මවන ගාස්තු වැඩි කිරීමක් පමණක් ලබාදෙන බවටයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාව අනුව ඒකක 00 ත් 30 ත් අතර ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිශතය සියයට 835 ක් වැනි දැවැන්ත අගයක් ගෙන තිබුණා.
මේ අතර විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා කැඳවීම හෙට දිනයේදී පුවත්පත් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.
එම යෝජනා භාරගෙන දින 21 කට පසු සියලු පාර්ශව කැඳවා අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
යෝජිත ගාස්තු වැඩි කිරීම හරහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 512 ක ආදායමක් අපේක්ෂා කර තිබුණද අදාළ ප්‍රතිශතයන් අඩු කර ගැනීමෙන් ඔවුන්ට හමිවනුයේ බිලියන 65 ක අමතර ආදායමක් පමණක් බවයි මෙහිදී සඳහන් කෙරුණේ.