ලොව උසම කන්ද වන එවරස්ට් හි ඉහළින්ම පිහිටා ඇති ග්ලැසියරය දේශගුණ විපර්යාස හමුවේ දියවීමට පටන්ගෙන තිබෙනවා.
පසුගිය වසර 25 තුළදී එහි ඝණකම අඩි 180 කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි නවතම අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ.
ඉහළ යන උෂ්ණත්වය සහ දැඩි සුළං තත්වය මීට ප්‍රධාන හේතුන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
වසර 2000 ක පමණ කාලයක සිට නිර්මාණය වූ අයිස් තට්ටු 1990 දශකයේ ආරම්භයේ සිට ක්‍රමක්‍රමයෙන් දියවෙමින් පවතින බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
