එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධ කාරණයේදී අධිකරණ බලය අවභාවිත කල නීතීඥවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාල නීතීඥවරයා අධිකරණයට අපහාසයක් කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද විවාදයට එක්වුනා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ගොවීන් පිළිබඳ ගත් වැරදි තීන්දු නිසා රටක් දුක් විදින බවයි.
සියළු භාණ්ඩ මිළ ගණන් සියයට දෙසීයක් හෝ ඊටත් ඉහල ප්‍රතිශතයකින් ඉහල ගොස් ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පෙන්වා දුන්නේ.
