අමෙරිකාවේ ගුවන් තොටුපළ කිහිපයකට අත්හිටුවා තිබූ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
බොස්ටන් – හූස්ටන් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නගර වෙත මෙලෙස යළිත් ගුවන් ගමන් ආරම්භ කල බවයි ඔවුන් නිවේදනය කලේ.
අදාළ නගරවල 5 ජී අන්තර්ජාල තාක්ෂණය අත්හදා බැලීම් හමුවේ සිය ගුවන් යානා සන්නිවේදන පද්ධතිවලට බලපෑම් එල්ලවන බව පවසමිනුයි එමිරේට්ස් ගුවන් සේවය ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කරනු ලැබුවේ.
කෙසේවෙතත් 5 ජී අත්හදා බැලීම් ප්‍රමාද කිරීමට අමෙරිකානු බළධාරින් තීරණය කිරීමත් සමග නැවතත් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.