මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වනවිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස එක්කෝටි 37 ලක්ෂ 45 161 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව තුල භාවිතයට ගෙන ඇති සමස්ථ එන්නත් ප්‍රමාණය තුන්කෝටි දෙලක්ෂ 56 681 ක් ලෙසයි දැක්වෙන්නේ.
ඊයේ දිනයේදී පුද්ගලයින් 66 467 දෙනෙක් කොවිඩ් මර්ධන එන්නත ලබා ඇති අතර ඔවුන්ගෙන් 60490 දෙනෙක්ම ලබාගෙන ඇත්තේ තුන්වන හෙවත් බූස්ටර් මාත්‍රාවයි.