කොවිඩ් මර්ධන එන්නත්කරණය ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් එන්නත් වර්ග වලට අදාල මිළ ගණන් අද ප්‍රථම වතාවට රජය විසින් ප්‍රකාශයට පත් කරා.
ඒ අද පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වූ ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින්. එන්නත්කරණය සදහා දිගින් දිගටම එල්ල වන චෝදනා වලට පිළිතුරු දීමක් වශයෙන් තමන් මෙම මිළ ගණන් රටට හෙළි කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේ.
ඒ අනූව ඇස්ට්‍රාසෙනිකා කොවිශීල්ඩ් එන්නතක් මිළදී ගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් 5යි සත 25 ක් වන අතර සිනෝෆාම් එන්නත් අමෙරිකානු ඩොලර් 15 ත් 7 ත් යන මිළ ගණන් යටතේ ශ්‍රී ලංකා රජය විසින් මිළදී ගෙන තිබෙනවා.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත්ව තිබූ දත්ත අවකාශයේ දත්ත මැකීයාම සම්බන්ධයෙන්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් පළ කලා.
මේ වනවිට එම සියලූ දත්ත නැවත ලබාගෙන අවසන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණද අවසන් අදියරයේ පවතින බවත් චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලා.