රුපියල් 2,000 ක මුදලකට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත් අලෙවි කළ ලුනාව දිසා රෝහලේ සුළු සේවකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමග ගල්කිස්ස කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් එක්ව ඊයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
50 හැවිරිදි සැකකරු යම් යම් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන එන්නත් කාඩ් පත් ද නිර්මාණය කරමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
සැකකරු අද (14) මොරටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
