කොළඹ නගරයේ පදිංචි කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් වෙනුවෙන් අද මෝදර රන්දිය උයන සහ මිහි ජය සෙවන යන නිවාස යෝජනා ක්‍රම තුළ ප්‍රජා ශාලාවලදී එන්නත්කරණය සිදු කෙරෙනවා.
අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා එම ස්ථානවල එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කරන බව සඳහන්.
නාවික හමුදාව කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාරය අසල එන්නත්කරණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හෝ දෙවන මාත්‍රාව එහිදී ලබාගත හැකියි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුලුව විශේෂ ජංගම රථ 10 ක් මේ සඳහා සූදානම් කර තිබෙනවා.
