පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව කේතය (QR Code) සහ යෙදුම (App) ජංගම දුරකථන යෙදුමක් ඔස්සේ ලබාදීමට සැලැසුම් කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීය.
එන්නත්කරණය අනිවාර්ය කිරීමට හැකියාව නොමැති වුවද පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට හැකි බවත් ඒ සඳහා වන වැඩපිළිවෙල මේ අනුව ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
ලොව බොහෝ රටවල මෙම වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකව ඇතැයිද ජනතාව අවදානමින් බේරා ගැනීම සඳහා වන ඉතා ඉහළ සාධනීය තත්ත්වයන් මේ තුල පවතින්නේයැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන් මේ වන විට එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලොව පළමු රටවල් තුන හතරට ඇතුළත්ව ඇතැයිද මිලියන 43 ට වඩා මෙරටට එන්නත් ගෙන්වා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
විශේෂයෙන් බූස්ටර් එන්නත ලබා දීම සඳහා අවශ්‍ය උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවත් එ් සඳහා සෞඛ්‍ය සේවාවේ සැවොම ලබා දෙන සහයෝගය අගය කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.
බූස්ටර් එන්නත ප්‍රාදේශීය මට්ටමින් ලබාදීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉහළ කාර්යභාරයක් පැවරෙන්නේ යැයිද , ඒ සඳහා අවශ්‍ය සහය උපරිමයෙන් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනය කරමින් ඉතා සාධනීය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
පළාත් සභා පාලනය යටතේ මේ වන විට පවතින දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව මහියංගණ මූලික රෝහල මෙම වසර තුළ මධ්‍යම රජයට පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහියංගණ මූලික රෝහල සංවර්ධනය කරමින් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාද එක්ව සිටියේය.
රෝහල් කරා පැමිණෙන දෛනික රෝගීන් ප්‍රමාණය , යටිතල පහසුකම්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමේ අරමුණින් දිවයිනේ තෝරා ගත් රෝහල් මෙලෙස මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සැලැසුම් කර ඇත.
දිස්ත්‍රික් ගණනාවක් ආවරණය වන මහියංගණ මූලික රෝහල රේඛීය අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස 2014 වර්ෂයේ සිට ඉල්ලීම් ගණනාවක් කර ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
එමෙන්ම පළාත් සභා යටතේ පවතින තවත් රෝහල් කිහිපයක් රේඛීය අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස ඉල්ලීම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.
විශේෂයෙන් 13 වන සංශෝධනය අනුව පළාත් සභාව සතු ආයතන රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු රැසක් ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. රටෙහි සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම රටෙහි ගමන් මග තුළ අතිශය වැදගත් පියවරක් බවත් ඒ වෙනුවෙන් වත්මන් රජය එයට ඉහළම දායකත්වයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන් මහියංගණ මූලික රෝහලට බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට වඩා අවට දිස්ත්‍රික්ක වල ජනතාව විශාල ලෙස පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා මෙහිදී කීය