දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 30 ත් 60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ මට්ටමින් ලබා දීම ඒ ඒ දිස්ත්‍රික්වල උපරිම විධිමත් අයුරින් කරන ලෙසයි අමාත්‍යවරයා දන්වා ඇත්තේ.
මේ වන විට සිදු කෙරෙන දෙවන මාත්‍රාව ලබා දීම නියමිත දිනට නියමිත ස්ථානයේම නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා තිබෙනවා.
ඇතැම් දිස්ත්‍රික්වලින් ලැබෙන විවිධ පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත්, මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යා යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
මෙම සතියේ එන්නත් මාත්‍රා මිලියන 04 ක් ලැබීමට නියමිත අතර එමගින් අවුරුදු 30 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත්කරණය පූර්ණ ලෙස අවසන් කිරීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය නිලධාරීන් මෙහිදී විශ්වාසය පළ කර ඇත්තේ.