පළාත් පාලන ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ සභිකයන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කළේය.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත.
මොවුහු සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව වෙනත් පක්ෂයකට සහාය දැක්වූවෝ වෙති.
එසේම මෙම පිරිස මේ වන විටත් වෙනත් පක්ෂ වලින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දී ඇති අය බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
එම කරුණු පාදක කර ගනිමින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීන්දු කර තිබෙි.
