නීති උල්ලංඝණය කරන පිරිස් ඒකරාශී කර ජනාධිපති කාර්ය සාධක බලකා ස්ථාපිත කිරිමෙන් එක් රටක් – එක් නීතියක් නිර්මාණය නොවන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාන්නිකම් මහතා පවසනවා.
මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නීතිය ඉදිරියේ සියළු දෙනා සමාන කොට සැලකීම එක් රටක් – එක් නීතියක් යන සංකල්පයට අදාල වන බවයි.