වසරකට වැඩි කාලයකට පසු එක් කොවිඩ් ආසාධිතයෙකු පමණක් හමුවීම හේතුවෙන් ඔස්ටේ්රලියාවේ කැන්බරා අගනුවර ද ඇතුළත් ACT ප්‍රාන්තය දින 07 කට ලොක්ඩවුන් කර තිබෙනවා.
අද පස්වරු 05 සිට එය බලාත්මක වනු ඇති.
මෙම ආසාධිතයාට වෛරසය වැළඳුණු ආකාරය සහ ඔහුගේ ආශ්‍රිතයන් සොයා ගැනීම මෙහි අරමුණයි.
කොවිඩ් වසංගත තත්වය ආරම්භයෙන් පසු ඒ සී ටී ප්රාන්තයම ලොක්ඩවුන් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
මේ අනුව රැකියා – සෞඛ්‍ය සේවා – එන්නත් ලබාගැනීම සහ ශරීර සුවතා යන අංශ 04 හැර වෙනත් කිසිදු කරුණකට පිටතට යාමට අද පස්වරු 05 සිට කැන්බරා නගරවාසීන්ට අවසර හිමිවන්නේ නැහැ.
කැන්බරා අග නගරයෙන් අවසන්වරට කොවිඩ් ආසාධිතයෙකු වාර්තාවී තිබුණේ පසුගිය වසරේ ජූලි 10 වනදායි.
