එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් කැස්බෑවන් 417ක්, ඩොල්ෆින් මසුන් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකු මියගොස් ඇති බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කොළඹ වරායට ආසන්න මුහුදේද ගිනි ගැනීමට ලක්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබු පෙට්‍රෝලියම් ඇතුලු ද්‍රව්‍යය මහ මුහුදුට එක්වී ඇතැයි ජල සාම්පල වලින් හෙළිවි ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා නීතිපතිවරයා වෙත දැනුම් දි තිඛෙනවා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොල්සටර් ජෙනරල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද මේ බව දැනුම් දුන්නා.
නෞකාවේ ගින්න සම්බන්ධ නඩුව අද කැදවනු ලැබුවේ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේදියි.
