එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් මෙරට සමුද්‍ර පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් ගනිමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙම නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මේවනවිට ගෙන ඇති පියවර මොනවාදැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කලේ.