අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදුවූ හානියට අදාළ දෙවන වන්දිය ලෙස ඩොලර් මිලියන 2.15ක මුදල් ප්‍රමාණයක් ගෙවීමට අදාළ රක්ෂණ සමාගම එකගතාව පළකර ඇති බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි පළමු වන්දිය ලෙස ඩොලර් මිලියන 3.6 ක මුදල් ප්‍රමාණයක් මෙරටට හිමිවුණා.
ඒ අනුව දෙවන වන්දියට අදාළ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා රජයට කඩිනමින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලදපුර මහත්මිය කියා සිටියේ.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත්කරගැනීමේ කටයුතු සම්බන්ධයෙන්ද ලහදපුර මහත්මිය අදහස් පළකලා.
නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු පැය 24 පුරාම අධීක්ෂණය කිරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් දෙදෙනෙකු යොදවා තිබෙනවා.
මීට අමතරව නෞකාවෙන් ගොඩගන්නා සියලු අබිලි ද්‍රව්‍ය වත්තල පිහිටි අංගනයකට රැගෙන ඒමට කටයුතුකර ඇති අතර එහි අධීක්ෂණ කටයුතු සදහාද අධිකාරියේ නිලධාරින් දෙදෙනෙකු යොදවා ඇති බවයි දර්ශනී ලදපුර මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ.