පරිසර දූෂණය ආශ්‍රිත ආපදාවලින් සමුද්‍රීය නාවික මංතීරු සහ සාගර අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් මහතා ඉන්දියානු සාගර කළාපයේ රටවලින් ඉල්ලීමක් කරනවා.
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවති අතර එහිදීයි අමාත්‍යවරයා මෙම ඉල්ලීම කලේ.
මෙම සංගමයේ උප සභාපතිධූරයද මහාචාර්යය ජී එල් පීරිස් මහතා වෙත පිරිනැමුණා.
2021 මැයි මාසයේ දී සිදු වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය ගැන සඳහන් කළ අමාත්‍ය ජී එල් පීරිස් මහතා මෙමගින් එල්ල වූ පාරිසරික බලපෑම තුළින් ශ්‍රී ලංකාවට පමණක් නොව ශ්‍රී ලංකා මුහුදෙන් ඔබ්බට පිහිටි සාගර පරිසරයට ද දිගු කාලීන ප්‍රතිවිපාක එල්ල විය හැකි බවයි පෙන්වා දුන්නේ.
ඒ අනුව සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව පවත්වාගෙන යාමේ වැදගත්කම ඔහු අවධාරණය කළා.
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ නායකත්වය භාර ගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශ රජයට සුබ පැතූ විදේශ අමාත්‍ය පීරිස් මහතා පවතින වසංගත තත්ත්වය හමුවේ තීරණාත්මක ඉදිරි වසර දෙක තුළ සංගමයේ නායකත්වය දරන බංග්ලාදේශය කෙරෙහි ශ්‍රී ලංකාව සිය අචල විශ්වාසය තබන බවද අවධාරණය කළා.