එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා වූ අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබන සතියේදී භාර දෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි සභාපති අසේල රැකව පැවසුවේ සිය අධිකාරිය විසින් මීට පෙර වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළද එහි පැවති අඩුපාඩු සකස් කර යළි වාර්තාවක් ලබා දෙන බවයි.
සිය වාර්තාව නිතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දිමෙන් අනතුරුව වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමට අවස්ථාව ලැබෙන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.