ජානමය වෙනසකට ලක් කල ඌරෙකුගේ හදවතක් බද්ධ කල පළමු මිනිසා බවට අමෙරිකානු ජාතිකයෙකු පත්වී තිබෙනවා.
පැය 07 කට ආසන්න කාලයක් සිදුකල ශෛල්‍යකර්මයකින් පසු 57 හැවිරිදි ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
කිසියම් අයුරකින් මෙම සැත්කම අසාර්ථක වූයේ නම් මෙම පුද්ගලයාගේ ජීවිතය අහිමිවීමේ අවධානමක් පවා පැවති බව සඳහන්.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ද ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කල අතර එය සැළකුණේ මේ දක්වා සිදුකල වඩාත් සංකිර්ණම සැත්කම ලෙසයි.