උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකර ලෙස කළ ඉල්ලීමට විදුලිබල මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දීය.
කෙසේවෙතත් විභාගය නොපැවැත්වෙන කාලය අතරතුර තුළ දී යම්කිසි කෙටි විදුලි විසන්ධිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පවසයි.
රාත්‍රී කාලයේ ද අධ්‍යනය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මේ වනවිට යම් එකඟතාවයකට පැමිණ ඇතැයි ද විභාග කොමසාරිස්වරයා පැවසීය.
නමුත් නැවත නැවතත් දරුවන් ගැන අවධානය යොමුකරමින් විදුලි කප්පාදුව සීමා කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලෙස ඒ මහතා කියා සිටියේය.
