දැනට දින නියම කර ඇති උසස්පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් දැමන්නැයි ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
කොවිඩ් වසංගතය හමුවේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු බරපතල ආකාරයෙන් අඩාල වූ බැවින් මෙවර උසස්පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් දැමිය යුතුයි යන්න තම පෞද්ගලික මතය බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.