රාජගිරියේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්රිය ගායිකා උමාරියා සිංහවංශ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබා දුන්නේ.
මෙම නඩුව ලබන 18 වනදා යළි කැදවීමට නියමිත අතර ඇයගේ රියදුරු බලපත්රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඊයේ පස්වරු 05 යි 30 ට පමණ රාජගිරිය ගුවන් පාලම අසල සිදුවූ මෙම අනතුරින් ඇය පැදවූ මෝටර් රියේ ගැටුණු ත්රී රෝද රථයක රියදුරු මෙලෙස තුවාල ලබා තිබුණා.