පාසල්වල පවත්නා ගුරු හිඟය පියවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරයට යැවීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇත.
2018, 2019, 2020 කාල පරිච්ඡේදවල රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ඉලක්ක කර මෙම පත්වීම් ලබා දෙන අතර වයස අවුරුදු 40 නොයික්මවන සියලු ම ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.
ඒ සඳහා අන්තර්ජාල මාර්ගගත ක්‍රමය හෙවත් ‘online’ (http://applications.doenets.lk/exams) අයදුම්පත් යොමු කිරීමට සති දෙකකට වැඩි කාලයක් ලබා දී ඇත.
අයදුම්කරුවන්ට තම පළාත, ආසන්න පළාත හෝ කැමති ඕනෑ ම පළාතක් වසර 5ක සේවා කාලයක් සඳහා ඉල්ලුම් කිරීමට අවකාශ පවතී. මෙහි දී ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව මත දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරමින් පවතින අතර බොහෝවිට මෙම විභාගය මාර්තු මාසය තුළ පැවැත්වීමට හැකි වනු ඇත.
එම විභාගයේ ලකුණු පළාත් මට්ටමින් නිකුත් කෙරෙන අතර පළාත් පාසල් සඳහා පළාත් මට්ටමිනුත් ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමිනුත් සම්මුඛ පරීක්ෂණ පවත්වා වසර තුනක පරිවාස කාලයකට යටත් ව අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා දෙන බවත් ඉන් අනතුරු ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කෙරෙන බවත් සඳහන් කළේ ය.
එමෙන් ම මෙම පරිවාස කාල සීමාව තුළ අභ්‍යාසලාභීන් විසින් ජාතික අධ්‍යාපන ආයතනයේ පශ්චාද් අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කරමින් රට පුරා පිහිටි එම ආයතනයේ මධ්‍යස්ථාන ඇසුරින් න්‍යායාත්මක වූත් ප්‍රායෝගික වූත් විධිමත් ගුරු පුහුණුවක් ලබාගත යුතු බවත් ඒ අනුව පාසල් පන්ති කාමරයට ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු යැවීම අවසන් අරමුණ ය.
මීට අමතර ව ලබන පෙබරවාරි මාසයේ ප්‍රතිඵල සහතික කිරීමෙන් අනතුරු ව විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සඳහා ද ගුරුපත්වීම් ලබා දී පසුගිය වර්ෂාවසානයේ ගුරුවරුන් විශාල පිරිසක් එක වර විශ්‍රාම යෑමෙන් ඇති වූ ගුරු පුරප්පාඩු ඇතුළු ගුරු හිඟය පියවීමටත් එමගින් ගුරු ස්ථාන මාරු තුලනය කිරීමටත් අපේක්ෂා කරන බව ද සඳහන්.
