ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
ඒ අනුව IMF එකඟතාවයට අදාළ ලියවිල්ල ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සභාගත කළේය.
අද පාර්ලිමේන්තුවේ දී IMF මූල්‍ය පහසුකම අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පසුගිය දා තමා භාරගත්තේ ගිනිගත් රටක් බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“මම පසුගිය ජූලි 9 වනදා භාරගත්තේ ගිනි ගත් රටක්. අවුලෙන් අවුලට පත්වු රටක්. හෙට දවස ගැන අඹමල් රේණුවක බලාපොරොත්තුවක් නැති රටක්. නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක්. උද්ධමනය 73%ක් දක්වා ප්‍රකාශ කළ රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල ජනතාව දවස් ගණන් දුක්විඳින රටක්. පාසල් වැහිච්ච රටක්. දවසකට පැය 10 – 12ක් විදුලිය කප්පාදු කළ රටක්. ගොවීන් ට වගා කරන්න පොහොර නැති රටක්. නීතිය හා සාමය වල්වැදුණු රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන පිටස්තරයින් පදිංචිවෙලා හිටිය රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මිනිස්සු මරාදාපු රටක්.
මෙවැනි පසුබිමක වගකීම භාරගන්න කවුරුත් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරය බලන්න කල්ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා. මගෙන් ඉල්ලීම කළේ කවුරුත් වගකීම භාරගන්න ඉදිරිපත් නොවුණ අවස්ථාවක. මම කිසිම කොන්දේසියක් නැතිව අභියෝගය භාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මන්ත්‍රීවරු හිටියේ නෑ. මට තිබුණේ එකම ශක්තියයි ඒ මම ඉපදුන, හැදුන, වැඩුන මගේ ආදරණීය රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය විතරයි.
මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා…”
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ.
මේ එකඟතාවය නිසා මූල්‍ය විනය නීතිගත වෙනවා…
දුෂණ වංචා පිටුදැකීමේ අලුත් නීති ඇතිවෙනවා
රට අකර්මන්‍ය කරන්න සමහරු උත්සාහ ගත්තා
ජනතාව පාරට දාන්න දඟ දැම්මා
IMF එකඟතාවය ලබාගැනීමට ජනතාවගේ කැපවීම විශාල ශක්තියක් වුණා…
මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය…
ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුයි. මේක අලුත් ගමනක්
2025 වනවිට ප්‍රාථමික හිඟය දළ ජාතික නිෂ්පාදනයෙන් 2.3%ක් බවට පත්කිරීම…
උපයන විට බද්ද සියයට 12 සිට 15 දක්වා වැඩි කිරීම
රජයේ අදායම 2026 වනවිට දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ට වැඩිකර ගැනීම. දැන් එය 8.5…කි.
*ආංශික බදු සහන නොමැතිව ආදායම් බදු අනුපාතය 30%ක් දක්වා වැඩි කර තිබෙනවා.
*වැට් බදු අනුපාතය 8% – 15% දක්වා වැඩි කිරීමට පියවර ගත්තා.
*වැට් බදු සඳහා ලබාදී ඇති නිදහස් කිරීමේ බද්ද ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම, SVAT ක්‍රමය අහෝසි කිරීමට පියවර.
*2025 දී අවම බදු නිදහස් කිරීම සහිතව දේපළ බදු ක්‍රමය වෙනුවට ධන බද්දක්.
* තෑගී හා බූදල් බද්දක් හඳුන්වා දේ.
