නිවසක් නැතිව උපන් බිමෙහි කුළියට සිටින යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් අටසීයකට නේවාසික පහසුකම් සැළසීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කළ ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 528 කින් සමන්විත කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණය විවෘත කරමිනුයි ඔහු මේ බව කියාසිටියේ.
රජය ක්‍රියාත්මක කරන නිවාස වැඩ සටහන්වලදී සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස ජාති හෝ පක්ෂ භේදයකුත් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලා.